ජාත්‍යන්තර අවි ජාවාරම්කාර උදයංග වීරතුංග නාටක ජවනිකාවේ වග උත්තරකරුවන් හඳුනාගන්න (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවිජාවාරම් කරුවකු වූ උදයංග වීරතුංග කාලාන්තරයකට පසු පසුගියදා හදිසියේ ජාත්‍යන්තර පොලිස් අත්අඩංගුවට පත් වූ බවට ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා වුණි. එහෙත් අද (08) වාර්තාවන්නට වූයේ මෙය උඩුයටිකුරු කරන ප්‍රවෘත්තියකි. එනම් “ජාත්‍යන්තර පොලීසියෙන් උදයංග නිදහස්-ලංකාවේ පොලීසියට නඩු දමන බවට අනතුරු ඇඟවීමක්!” යන ශීර්ෂයෙන් වු ප්‍රවෘත්තියකි. මේ සමඟම එදා බහුතරයක් […]

ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන මකරකටට යවන ප්‍රමිතියෙන් තොර නාලිකාවක්!

සාමාන්‍ය සංඛ්‍යාත හැරුණු විට රැහැන් සහිත තාක්ෂණය හා විද්‍යුත් සන්නිවේදන මෙවලම් ඔස්සේ විවිධ නාලිකා පවත්වාගෙන යාමට දැන් දැන් බොහෝදෙනා පෙළඹී සිටිති. මේ අතරින් ආගමික මුහුණුවරකින් හා අධ්‍යාපනික මුහුණුවරකින් පවත්වාගෙන යන නාලිකා රැසක් දැන් ලංකාවේ ද ඇත. බෞද්ධයා නාලිකාවෙන් ආරම්භ වී, එය ආදර්ශයට ගෙන විහාරස්ථාන ආශ්‍රිතව මෙවැනි නාලිකා කිහිපයක් දැනටමත් සාර්ථකව […]

බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි මෙන්න (සරල සිංහලෙන්)

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ […]

කෝලිගේ විශේෂ අමුත්තන් අතර සිටි ලාංකික අමුත්තා

ලෝකයේම අවධානය දිනාගත් කෝලි – අනුෂ්කා විවාහයේ අවසන් උත්සවය පසුගිය දා ඉන්දියාවේ මුම්බායි නුවරදී නිමාවට පත්වුණා. එම උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු සිටීම ද සුවිශේෂී කරුණක්.ඔහු නමින් ගයාන් සේනානායකයි. දැඩි සේ ක්‍රිකට් ලෝලියෙකු වන ගයාන් කොලිගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇති අතර එම අවස්ථාවට එක්වෙමින් ලබාගත් ජායාරූප […]

“යූටියුබ් තරු” මුදල් උපයන්නේ කොහොමද? – මෙන්න උපදෙස්

Evan Edinger “ඔයා කීයක් හම්බ කරනවද?” යන්න බොහෝ දෙනා නිරන්තරයෙන් තමන් වෙත යොමු කරන ප්‍රශ්නයක් බව එවන් එඩින්ගර් පවසයි. ඔහු යූටියුබ් ජාලය ඔස්සේ ජීවිකාව සලසා ගන්නා යූටියුබ් තාරකාවකි. “ඉතින් මම එයාලට දළ ආදායමක් කියනවා. මගේ නිවාස ගාස්තුව ගෙවාගන්නත්, ඉඳල හිටලා කඩෙන් කෑමක් ගන්නත් ඒ මුදල ඇති කියලා මම කියනවා.” නිරන්තරයෙන් […]

‘හා හා හරි හාවා’ කාටූන් ශිල්පියා මෙලොවින් සමු ගනී

‘හා හා හරි හාවා’ හෙවත් ‘බග්ස් බනී’ (Bugs Bunny) කුඩා අවදියේ අපට බෙහෙවින් සමීප කාටූන් චරිතයකි. ‘බග්ස් බනී’ ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන තිබේ. ඔහු මිය යන විට අනූනව වෙනි වියේ පසු විය. හැට වසරකට එහා යන බොබ් ගිවන්ස්ගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු ඩිස්නි, වෝනර්ස් බ්‍රදර්ස් […]

සුනාමියෙන් මියගිය පිරිස් මිහිදන් කළ ස්ථාන “ආරක්ෂා කරන්න”

සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සමූහ වශයෙන් මිහිදන් කළ ස්ථාන ආරක්ෂා කරන මෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. ගතව ගිය දශකයකට අධික කාලය ඇතුළත රට පුරා පිහිටි එවැනි ස්ථාන ආරක්ෂා කිරීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසන රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය […]

ඉතාලි සිහිනය කෙබදුද..?

මෑතකාලිනව අප දකින දෙයක් නම් බොහෝ අවස්ථාවලදි යුරෝපා සිහිනය බොහෝ දෙනෙක් තුළ තිබිමයි විශේෂයෙන්ම ඉතාලිය ප්‍රංශය ඩෙන්මාර්කය ෆින්ලන්තය නෝර්වේ ස්විඩනය ස්විට්සර්ලන්තය එසෙත් නොමැතිනම් යුරෝපා රටක පැමිණ ආර්ථීක සමෘද්ධිය ලගාකර ගැනිමට ඕනෑම අයෙකුගේ ඉලක්කයක්වී තිබෙනවා මෙම අහිංසක සිහිනය භාවිතය කරමින් මුදල් ගසාකන තක්කඩියෝ අමනයෝ විශාල පිරිසක් සිටිනවා අප සමාජයේ ඔහුන් අතර […]

දක්ෂිණ අධිවේගයෙන් තවත් වාර්තාවක්!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ(16) දිනයේ වාර්තා වී තිබේ. ඊයේ (16)දිනය තුළ පමණක් රථ වාහන 72,000 ක් එම මාර්ගය භාවිත කර ඇති අතර ඊයේ දිනයේදී පමණක් රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක ආදායමක් උපයා ඇති බව සඳහන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේ අප්‍රේල් […]