බැඳුම්කරයට හිටපු මුදල් ඇමති රවී අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ “බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් වරදකරුවකු කොට ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීමට නියමිත බවට විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීමේ වරද මත මෙසේ අත් අඩංගුවට ගැනීමට […]

ගම්මන්පිළ කට-හොට කරගෙන ඇනගෙන

පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන අඩු බව පවසමින් සිදු කළ බොරුව හෙළිදරව් වීමත් සමඟය. බැඳුම්කර වාර්තාවේ පිටු 1257 ඇති බව ජනාධිපතිවරයා පැවසුව ද […]

අගමැති රනිල් යළි ඇඳගෙන නා ගනී..

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින සිදුකරන ලද ඓතිහාසික විශේෂ ප්‍රකාශයත් සමඟ ඔහු නිලවශයෙන් ඊයේ(18) මහ බැංකු බැඳුම්කර කොල්ලයේ වගකීම ජාතිය හමුවේ පිළිගත්තේය. මහ බැංකුව තමාගේ විෂයපථය යටතේ වන අමාත්‍යංශයකින් ක්‍රියාත්මක වූ බවත්, මෙම හොරකම තමා විවිධ ක්‍රමවලින් පාපිස්ස යට ගැසීමට උත්සහ කළද ජනාධිපතිවරයාගේ බලපෑම නිසා මෙය යට ගැසීමට […]

රජය ශක්‌තිමත් කිරීමට ගමේ බලයත් එජාපයට දෙන්න – අගමැති

ගම හදන්ටත් රට හදන්නටත් එක්‌සත් ජාතික පක්‍ෂයට පළාත් පාලන මැතිවරණයේදී බලය ලබාදී රජය ශක්‌තිමත් කරන්නැයි එක්‌සත් ජාතික පක්‍ෂ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක මංගල රැළිය මහනුවරදී අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ණය බරින් පිරී තිබුණු ආණ්‌ඩුවක්‌ ලබා ගෙන මේ වන විට බොහෝ සේවාවත් ඉටු කර තිබෙන රජයට තවත් බොහෝ […]

එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු අපේක්ෂකයින් රැසක් ජනපති මෛත්‍රී සෙවණට එයි

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ. පසුගියදා ජනාධිපති නිල නිවසට පැමිණි එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප්‍රමුඛ 60 දෙනෙකුට ආසන්න පිරිසක් මෙලෙස සහය පල කර ඇත. එහිදී අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගෙනයනු […]

ඩිෆෙන්ඩර් හිරුණිකාගේ හිටපු පෙම්වතාට STF ආරක්ෂාව

පසුගිය (28) නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් පියසේන ගමගේගේ පුත් කොළඹ හිටපු පාතාල නායක මිනිමරු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන ඩිෆෙන්ඩර් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ හිටපු පෙම්වතාවු දකුණු පලාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ වෙත පොලිස් විශේෂ කාර්ය බලකා (Sඨ්F) ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තාවේ දකුණු […]

රාජපක්ෂලාගෙන් විමල්ට කෙනෙහිළිකම්; විමල් හැරයන්න සුදානමින්..

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කොට ‘රජගෙදර බුරන බල්ලා’යැයි ශ්‍රී ලාංකීය දේශපාලනයේ විරුදාවලිය ලද විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ […]

පාලිත රංගේ බණ්ඩාර නිදහස් කොට නිදහස් වෙයි!

නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජිප් රථයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීම සඳහා වෙනත් වාහනයක ලියාපදංචි සහතිකයක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. නීතිපතිවරයා විසින් පනවා තිබූ අදාළ නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු […]

බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු වූ සිදුවීමක් සමඟ මෙය අපට කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමට […]

එජාප මන්ත්‍රීවරුන්ට මෛත්‍රී විවේචනය කිරීම තහනම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවේචනය කිරීමෙන් වැළකී සිටින මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ (එජාප) මන්ත්‍රීවරුන්ට අවවාද කර තිබේ. එජාප නායකයා ද වන අගමැතිවරයා ඒ බව දැනුම් දී තිබෙන්නේ සඳුදා (නොවැම්බර් 27) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවා අදහස් දක්වමිනි. එජාපය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ පසුපෙළ […]