කතරගම ආරක්‍ෂාවට STF – 100 ක් අත්අඩංගුවට

කතරගම වෙඩි තැබීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇතැයි පොලිසිය කියයි. වෙඩි තැබීම නිසා කළහකාරී වූ පිරිස් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් පොලිසියේ 20 දෙනකුට පමණ සුළු සුවාල සිදුවූ බවත්, පොලිස් පරිපාලන ගොඩනැගිල්ල, පොලිස් නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ පොලිස් […]

බැඳුම්කරයට හිටපු මුදල් ඇමති රවී අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ “බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් වරදකරුවකු කොට ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීමට නියමිත බවට විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීමේ වරද මත මෙසේ අත් අඩංගුවට ගැනීමට […]

ගම්මන්පිළ කට-හොට කරගෙන ඇනගෙන

පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන අඩු බව පවසමින් සිදු කළ බොරුව හෙළිදරව් වීමත් සමඟය. බැඳුම්කර වාර්තාවේ පිටු 1257 ඇති බව ජනාධිපතිවරයා පැවසුව ද […]

රජය ශක්‌තිමත් කිරීමට ගමේ බලයත් එජාපයට දෙන්න – අගමැති

ගම හදන්ටත් රට හදන්නටත් එක්‌සත් ජාතික පක්‍ෂයට පළාත් පාලන මැතිවරණයේදී බලය ලබාදී රජය ශක්‌තිමත් කරන්නැයි එක්‌සත් ජාතික පක්‍ෂ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක මංගල රැළිය මහනුවරදී අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ණය බරින් පිරී තිබුණු ආණ්‌ඩුවක්‌ ලබා ගෙන මේ වන විට බොහෝ සේවාවත් ඉටු කර තිබෙන රජයට තවත් බොහෝ […]

මහ බැංකු බැදුම්කර කොල්ලය යටපත් කිරීමේ කුමන්ත්‍රණයක්!

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ. රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ […]

බාල වයස්‌කාර දරුවන්ට අතවර කළ අපරාධකාරයෝ වීඩියෝවෙන් එළියට

බාල වයස්‌කාර සිසුන් දෙදෙනෙකුට බරපතළ ලිංගික අතවර කොට එය වීඩියෝ ගතකර විදෙස්‌ රටවලට යවන ලද සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිසුන් දෙදෙනා ගාල්ල නගරයේ විහාරස්‌ථානයක පවත්වාගෙන යනු ලබන උපකාරක පංතිවලට සහභාගිවන අතර එම උපකාරක පංතියේ උත්සවයකට මුදල් එකතු කිරීම සඳහා සකස්‌ කර තිබූ කොටු කපන කාඩ් […]

හම්බන්තොට මාරාන්තික උපවාසය කරන සේවකයින් 11 දෙනා රෝහලට

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයන් වරාය අධිකාරියට බදවාගෙන රැකියා සුරක්ෂිත කරදෙන ලෙස ඉලමින් මාරාන්තික උපවාසයේ යෙදුනු සේවකයින් 11 දෙනාම අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා මේ වන විට රෝහල ගත කර තිබේ . අදාළ සේවකයින් 11 දෙන විසින් පසුගිය 09 වනදා සිට මෙම මාරාන්තික උපවාසයේ යෙදුනු අතර අවස්ථා කීපයකදී […]

එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු අපේක්ෂකයින් රැසක් ජනපති මෛත්‍රී සෙවණට එයි

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ. පසුගියදා ජනාධිපති නිල නිවසට පැමිණි එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප්‍රමුඛ 60 දෙනෙකුට ආසන්න පිරිසක් මෙලෙස සහය පල කර ඇත. එහිදී අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගෙනයනු […]

ලංකාවට ගෙන ආ කෝටි 10 ඉක්මවූ සුපිරි ෆෙරාරි රථවල හිමිකරුවෝ මෙන්න

මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය. ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම මිලියන 110 ක් හෙවත් රුපියල් ලක්ෂ 1100ක් බවට වාර්තා විය. […]