මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධවූ රනිල් සිංගප්පුරුවෙන් ගෙන්වන ලද අර්ජුන් මහේන්ද්‍රන් කෝ..? (විශේෂ)

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු වන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශ්වාසනීයත්වය සහතික කොට ගෙන්වන ලද අතිජාති රාජකීය කල්ලියේ ගජයෙකු වන මහ බැංකුව භාරව සිටි කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවේ සැඟව කට්ටි පනිමින් සිටින බවට වාර්තාවේ. රනිල්ගේ අතිජාත මිත්‍රයෙකු වූ විජාතික අර්ජුන් මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකා මහ […]

අලුත් ආණ්ඩුවට සුසිල් – දිනේෂ් ලහි ලහියේ සැලසුම් සකසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් මේ වන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එහි නායක දිනේෂ් ගුණවර්ධනගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ වන සැලසුම් සකසමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ ඒකාබද්ධ විපක්ෂය […]

බෑයි කියලා.. බෑයි කියලා.. බෑ.. රනිල් අගමැතිකමින් ගෙදර යවන හැටි නීති විශාරදයෝ පෝලිමේ ඇවිත් කියාදෙති (Videos)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට තමාව කිසි ලෙසකින්වත් ගෙදර යැවිය නොහැකි බව පැවසීම වෙනුවෙන් වත්මන් අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා අද(16) සවස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ජනාධිපතිවරයාට අභියෝග කර සිටියේය. රනිල් විසින් ජනාධිපතිවරයාට කළ එම අභියෝගයත් සමඟම දෙස්-විදෙස් සුපතළ නීතිවිශාරදයෝ පෝලිමේ නීති පොත් රැගෙන විත් රනිල්ව ඉතා පහසුවෙන් සහ සරලව ගෙදර […]

රනිල් සමඟ අපිට පක්ෂෙත් නෑ, ආණ්ඩුත් නෑ, අනාගතයකුත් නෑ; 113 ඉක්මවා එජාපයේ පදාසයක් ගැලවෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා සිටිනා තුරා එජාපයට යළි ආණ්ඩු බලයක් නොලැබෙන බවත්, පක්ෂයට සහ සමාජිකයින්ට කිසිදා අනාගතයක් නොමැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ නව සන්ධානයකින් ගොඩනැඟෙන ආණ්ඩුව සඳහා සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් සාකච්ඡා පවත්වමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ […]

ඇමෙරිකානු සහ ඉන්දීය තානාපතිවරු ජනපති මෛත්‍රී හමුවුනේ ඇයි?

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුවීමෙන් අනතුරුව රටේ හටගෙන තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා සහ ඉන්දියාවේ මහා කොමසාරිස්වරයා පසුගිය අඟහරුවාදා (පෙබරවාරි 13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවූහ. විශේෂයෙන්ම රටේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව ඔවුන් දෙදෙනා වෙන වෙනම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ. 2015 ජනවාරි 08 වෙනි දින මැතිවරණයෙන් අනතුරුව […]

අගමැති අර්බුදය’ ගැන තවත් සාකච්ජාවක්….!

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව මතු වී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (පෙබරවාරි 15) සවස 6:30ට යළිත් වරක් මුණගැසීමට නියමිතව තිබේ. මැතිවරණයෙන් අනතුරුව නායකයන් දෙදෙනා මීට ඉහතදී කිහිප වතාවක්ම මුණගැසුණු අතර, පදවියෙන් ඉල්ලා අස් විය යුතු යයි ජනාධිපතිවරයා එහිදී අගමැති […]

වත්කම කෝටි 15,000 – ලෝකයේ ධනවත්ම ලාංකිකයා මෙන්න

ලංකාවේ ධනවත්ම මිනිසා ලෙස විවිධ ව්‍යාපරකයින්ගේ නම් නොයෙකුත් අවස්ථාවල ඉදිරිපත් කෙරෙනවා, පසුගිය සමයේ නිකුත්වු වාර්තාවක දැක්වුනේ ලංකාවේ ධනවත්ම ව්‍යාපාරකයා දම්මික පෙරේරා බවයි. එහෙත් මෙතෙක් ලාංකිකයෙකු අත්පත් කරගත් ඉහලම ධනයක් සහිතව එම වාර්ථාවට හිමිකම් කියන්නේ කවරෙක් දැයි ජාත්‍යන්ත්‍ර මාධ්‍ය විසින් පසුගියදා හෙලිකොට තිබුනා ඒ ඔහු ලොව ප්‍රකට ව්‍යසාවයෙකු වන චමත් පලිහ […]

සජිත් යනු මහින්දටත් නොදෙවෙනි ගං කබරයෙක්

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නඩය ලබා තිබෙන බරපතල පරාජයත් සමග නැවතවතාවක් බොහො දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් පිලිබදව මතවාදයක් ගොඩනගමින් සිටිනවා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විකල්ප නායකයා ලෙස බොහෝ දෙනෙක් ඉදිරිපත් කලේ සජිත් ප්‍රේමදාස නැවතත් සජිත්ගේ බත්බැලයින් සජිත්ව ප්‍රෝමට් කිරිමට පටන්ගෙන තිබෙනවා. මේ මොහොතේ අප කිවයුතු පෑහෑදිලි […]

අගමැති පදවිය එපා, මහ මැතිවරණයක් ඉල්ලනවා – මහින්ද

පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව ද පවසයි. හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බීබීසී සිංහල සේවය […]

ජනවාරි 08 ජනවරම ශක්තිමත් වෙලා – ආණ්ඩුව

යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව ආණ්ඩුව පවසයි. එබැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය. තමන්ට දැනගන්නට ලැබී තිබෙන ප්‍රතිඵල අනුව […]