පෙරළියක ඇරඹුම අද කැබිනට්ටුවෙන් ඇරඹෙයි

යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ සංහිඳියාව බිඳදමමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නින්දා-අපහාස කිරීම සම්බන්ධයෙන් අද(16) පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා තදින් ක්‍රියාකර ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකයත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් දිගින් දිගටම වත්මන් රජයේත් කැබිනට්ටුවේත් ප්‍රධානියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සැලසුම් […]

රාජකීය ශිෂ්‍යයන්ගේ රාජකීය වැඩක්!

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 2013 වසරේ චීනයේ (Kung Yik She Secondary School (China) in Tin Shui Wai, Hong Kong, China ) ‘කුන් යික් ශී’ ද්විතීයික පාසලේ සිසුන් විසින් තත්පර පහක් […]

ප්‍රගීත් එක්නැලිගොඩ: “ෆයිල් අතුරුදහන්වීම” ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ

සිය සැමියා අතුරුදහන් කිරීමට සම්බන්ධ බවට චෝදනා ලබන යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ ලිපි ගොනු අතුරුදහන් වී තිබේ නම්, එම ලිපි ගොනු භාරව සිටි හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීම යුද හමුදාපතිවරයාගේ වගකීම බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි. තමන් ඉදිරිපත් කළ තර්කය පිළිගත් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, අදාළ නිලධාරීන් පිළිබඳව […]

බැදුම්කර මගඩිය මෙන් තුන් ගුණයක් විශාල කෙරවලපිටිය විදුලිබලාගාර මගඩිය මෙන්න….!

භාන්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී සිදුවූ බව කියන රුපියල් බිලියන 11කට අධික මූල්‍ය අක්‍රමිකතාවය පිළිබඳව මේ දිනවල සමාජය තුල විශාල කතා බහක් ඇතිවී තිබේ. එය මෙරට සිදුවු විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකේ. නමුත් පෙරකී බැදුම්කර වංචාව මෙන් තුන් ගුණයක් විශාල, එනම් රුපියල් බිලියන 34 (මිලියන 34,000) පාඩුවක් රටට සිදුවන මහා පරිමාණ මූල්‍ය […]

CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ

CCTV කැමරා මගින් රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගෙන එම වැරදි කරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමය ශ්‍රී ලංකාවේදී ලබන පෙබරවාරි මස අත්හදා බලන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. විශේෂයෙන්ම කොළඹ හා ප්‍රධාන නගරවල මාර්ග හා මන්සන්ධි CCTV කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකා පොලිසිය කලක පටන් සිදුකරයි. රථ වාහන අනතුරු සඳහා එමගින් […]

අද වුනත් තනතුරෙන් යන්න මම ලෑස්තියි – ජනපති මෛත්‍රී

තමන් ජනාධිපති පදවියට පත්වූයේ “පුටුවේ වැජඹෙන්න නොවන,” බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, “අද වුනත් මේ තනතුරෙන් යන්න මම ලැස්තියි,” බව අවධාරණය කරයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ සිය ධුර කාලය අවසන් වන්නේ 2020දී ද, නොඑසේනම් 2021දී දැයි මතය පැහැදිළි කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳව හම්බන්තොට පැවති දේශපාලන ප්‍රචාරක […]

ඩිලන්ත මාලගමුව ජපාන් ජාතිකයෙකුට ඩොලර් ලක්ෂ හයක පොල්ලක් තියලා.

ජපාන ජාතිකයෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6 ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය. පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන ජපන් ජාතිකයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස […]

රාජ්‍ය ඇමති හිතැති සංඝනායක හිමි සාමනේර හිමිවරුන්ට සමුහ අපයෝජනය කර අසුවෙයි

වයස අවුරුදු 15ට අඩු සාමනේර ස්වාමින් වහන්සේලා කිහිප නමක් අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ පිරිවෙන් ප්‍ර‍ධානාචාර්ය භික්ෂුවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කුරුණෑගල , රිදීගම කරඳගොල්ලේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන පිරිවෙනහි ප්‍ර‍ධානාචාර්යවරයා හා විහාරාධිපති ලෙස කටයුතු කළ වෑඋඩවිල්ලි හත්පත්තුවේ සංඝ නායක හතරලියැද්දේ නාරද නම් […]

නගර සභාවේ රු.8000 ක මන්ත්‍රී පඩියකට මෙතරම් දඟලන රහස කුමක්ද..?

ගම් මට්ටමේ ජනතාවගේ බදු මුදල් හොරකම් කිරීමට නාස්තියට එරෙහිව හඬක් නඟනවා නම් හෝ ඔවුන්ට එරෙහිව අත උස්සනවා නම් එක වතාවක් හරි ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පොළොන්නරුව කලහගලදී පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ පළාත් පාලන මැතිවරණයේදී “ගමේ බලය දූෂණයට, […]

විමල්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ඇයි?

අයථා ලෙස රුපියල් ලක්ෂ 750 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක සහ එකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරහිව අධිචෝදනා පත්‍ර භාර දී තිබේ. අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේදී මන්ත්‍රී විමල් […]