ඩිලන්ත මාලගමුව ජපාන් ජාතිකයෙකුට ඩොලර් ලක්ෂ හයක පොල්ලක් තියලා.

ජපාන ජාතිකයෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6 ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය. පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන ජපන් ජාතිකයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස […]

රාජ්‍ය ඇමති හිතැති සංඝනායක හිමි සාමනේර හිමිවරුන්ට සමුහ අපයෝජනය කර අසුවෙයි

වයස අවුරුදු 15ට අඩු සාමනේර ස්වාමින් වහන්සේලා කිහිප නමක් අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ පිරිවෙන් ප්‍ර‍ධානාචාර්ය භික්ෂුවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කුරුණෑගල , රිදීගම කරඳගොල්ලේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන පිරිවෙනහි ප්‍ර‍ධානාචාර්යවරයා හා විහාරාධිපති ලෙස කටයුතු කළ වෑඋඩවිල්ලි හත්පත්තුවේ සංඝ නායක හතරලියැද්දේ නාරද නම් […]

නගර සභාවේ රු.8000 ක මන්ත්‍රී පඩියකට මෙතරම් දඟලන රහස කුමක්ද..?

ගම් මට්ටමේ ජනතාවගේ බදු මුදල් හොරකම් කිරීමට නාස්තියට එරෙහිව හඬක් නඟනවා නම් හෝ ඔවුන්ට එරෙහිව අත උස්සනවා නම් එක වතාවක් හරි ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පොළොන්නරුව කලහගලදී පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ පළාත් පාලන මැතිවරණයේදී “ගමේ බලය දූෂණයට, […]

විමල්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ඇයි?

අයථා ලෙස රුපියල් ලක්ෂ 750 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක සහ එකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරහිව අධිචෝදනා පත්‍ර භාර දී තිබේ. අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේදී මන්ත්‍රී විමල් […]

ජනාධිපති නිල කාලය; අධිකරණයේ තීන්දුව කුමක්ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වසර හයක කාලයක් පදවියේ කටයුතු කළ හැකිය යන්න තම මතය බව නීතිපතිවරයා පවසයි. නීතිපති ජයන්ත ජයසූරිය එම අදහස ඉදිරිපත් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල කාලය අවසන් වෙන නිශ්චිත කාල සීමාව පිළිබඳව විමසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති ඉල්ලීම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් […]

ලැජ්ජයි කැතයි නින්දිතයි

අවම වශයෙන් මාසයකට වතාවක් හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රායෝගිකව ඔප්පු කරන්නේ තමා පරිණත පාර්ලිමේන්තුවාදියකු නොවන බවයි. ඒ අනුව අද ද ඔහු පාර්ලිමේන්තුවේ දී පිළිකුල් සහගතව හැසිරෙමින් ලෝකයාටම ඒ බව ඔප්පු කළේ ය. ලංකාවේ අංක එකේ ධනපති පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ තම පාර්ලිමේන්තු ජීවිතයේ හතලිස් වසර සැමරුවේ නොබෝදා ය. […]

බැඳුම්කර කොමිසමේ වාර්තාව කතානායකවරයාට නොදුන්නේ ඇයි?

බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව විවාද කිරීම පිණිස පක්ෂ නායකයන්ගේ ඉල්ලීම ප්‍රකාර එය තමන් වෙත ලබා දෙන මෙන් කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් එම වාර්තාව බදාදා (ජනවාරි 10) තමන් වෙත ලැබී නැති බව කතානායකවරයා නිවේදනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් අතර […]

අලුත්ගම ගැටුම: හානි වූ ගෘහ උපකරණ වෙනුවෙන් වන්දි

2014 ජුනි 15 සහ 16 වෙනි දිනවල බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල හටගත් ගැටුම්වලින් පීඩාවට පත් වූ ජනතාවට වන්දි ප්‍රදානය කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළේය. බේරුවල හා අලුත්ගම ගැටුමේදී පවුල් 273කට අයත් දේපළ විනාශ කරනු ලැබිණ. එහිදී හානි වූ ගොඩනැගිලි ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අලුත්වැඩියා කර දුන් නමුත් […]

කාන්තා මත්පැන් තහංචි ඉවත් කෙරෙයි

වයස අවුරුදු 18 ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අවසර ලබා දීමට රජය තීන්දු කර තිබේ. ඒ අනුව වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවනු ඇත. කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට […]

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල පුත්, එඩ්වඩ් කුමරු, ලබන පෙබරවාරි 04 වෙනි දින පැවැත්වීමට නියමිත නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතය. ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින උත්සවය වෙනුවෙන් ජනවාරි 31 වෙනි දින දිවයිනට ලඟා වන එඩ්වඩ් කුමරු පෙබරවාරි 05 වෙනි දින පිටත්ව යාමට නියමිත […]