ලංකාවේ ධනවත්ම මිනිසා ලෙස විවිධ ව්‍යාපරකයින්ගේ නම් නොයෙකුත් අවස්ථාවල ඉදිරිපත් කෙරෙනවා, පසුගිය සමයේ නිකුත්වු වාර්තාවක දැක්වුනේ ලංකාවේ ධනවත්ම ව්‍යාපාරකයා දම්මික පෙරේරා බවයි. එහෙත් මෙතෙක් ලාංකිකයෙකු අත්පත් කරගත් ඉහලම ධනයක් සහිතව එම වාර්ථාවට හිමිකම් කියන්නේ කවරෙක් දැයි ජාත්‍යන්ත්‍ර මාධ්‍ය විසින් පසුගියදා හෙලිකොට තිබුනා ඒ ඔහු ලොව ප්‍රකට ව්‍යසාවයෙකු වන චමත් පලිහ පිටියයි.ෆේස්බුක් සමාගම ආරම්භයේ සිටම ඊට සම්බන්දවී එම සමාගමේ මූලික හවුල්කරුවෙකු ලෙස ලෙස කටයුතු කල ඔහුගේ වත්කම අද නම් කෙරෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවන ලෙසයි.

ඒ අනුව මෙරට මුදලින් චමත් පලිහපිටියගේ දළ වත්මකම රුපියල් කෝටි 15,000- තරම් විශාල වනවා ඒ අනුව ඩොලර් බිලියනයක මූල්‍ය වත්මකමක් සහිත පලමු ලාංකිකයා ලෙසයි චමත් පලිහපිටිය ඉතිහාසයට එක්වන්නේ එම වත්කමේ අගය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාධිතයෙන් හසුවකට එකක් තරම් විශාල වන බවයි සදහන් වෙන්නේ ලෝකයේ මහ තාක්ෂණික සමාගම් වන Google facebook Apple ආධි සමාගම් පිහිටි ඇමරිකාවේ Silicon Valley හි ඔහු වාසය කරන අතර ඒ සිය බිරිද හා දරුවන් තිදෙනා සමගයි.

අදවනවිට ෆේස්බුක් ආයතනයෙන් ඉවත්ව තමන්ගේ ආයතනයක් වන the Golden State Warriors ආයතනය හරහා මිනිසාට වඩා යහපත් තාක්ෂණික මෙවලම් හදුන්වාදීමට කටයුතු කරන චමත් පලිහපිටිය 1976 සැප්තැම්බර් 03වැනිදා මෙරටදි උපත ලබා තිබුනා වයස අවුරුදු හයෙදි පවුලේ සාමාජිකයින් සමග කැනඩාවට සංක්‍රමණය වු ඔහු waterloo සරසවියෙන් විද්‍යුත් ඉන්ජේනෙරු උපාධිය ලබා තිබෙනවා, ඒ 1999 වසරෙදියි.2000 වසරෙදි සිය පෙම්වතිය සමග කැලිෆෝනියාවට සංක්‍රමණය වු ඔහු 2004 වසරෙදි ෆේස්බුක් ආයතනයට එක්වන්නේ දැවැන්ත වගකීමක් සහිතවයි.

ඒ අනුව එකල මිලියන පනහක් තරම් කුඩා සාමාජිකයින් සංඛායවක් ෆේස්බුක් සමග එක්ව සිටි අතර එහි හිමිකරු මාක් සකර්බර්ග් විසින් චමත් පලිහපිටිය වෙත පවරනු ලබන්නේ ෆේස්බුක් සාමාජිකයින් ගණන වර්ධනය කිරිමට සැලසුම් සකස් කිරිමයි. එය අතිසාර්ථක ලෙස ඉටුකරන ඔහු 2011 වසර විට වසර හතක් තුල ෆේස්බුක් සාමාජිකයින් ගණන 14 ගුණයකින් වර්ධනය කිරිමට සිය සජෘ නායත්වය ලබාදී තිබුනා ඒ අනුව 2011 වසරේදි තමන්ගේ ව්‍යාපාරයක් වෙනුවෙන් ෆේස්බුක් සමාගම හැරයෑමට ඔහු තීරණය කළ අවස්ථාවේ ලෝකයේ සෑම දස දෙනෙකුගෙන්ම එක් අයෙකු ෆේස්බුක් සාමාජිකයෙකු බවට පත්ව සිටියේ ෆේස්බුක් වෙත ආකර්ෂණය කරගනිමින්.

කෙසේ වෙතත් වර්තමානයේ ෆේස්බුක් ජාලය මගින් මිනිසාට ඇතිකරන අහිතකර තත්වයන් පිලිබදව කනගාටුවන චමත් පලිහපිටිය 2011 වසරේදි මිනිසාට පලදායි අධ්‍යාපන , සෞඛ්‍ය , ආධි අංශවෙත තොරතුරු තාක්ෂණිය සහ මෘදුකාංග නිර්මාණය වෙනුවෙන් සිය සමාගමේ මෙහෙයුම් ආරම්භ කලහ,එය මේ වනවිට අතිශය සාර්ථකවී ඇත්තේ අදවනවිට ඔහු සතු වත්කම ඩොලර් බිලිනයක් තෙක් වර්ධනය කරමින් මේ අනුව අද Silicon Valley ඔහුගේ නිවස සැලකෙන්නේ නවිනතම අංග උපාංග රැසකින් යුතු ලොව සුපිරිතම නිවසක් ලෙසයි පසුගියදා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් චමත් පලිහ කියා සිටියේ ෆේස්බුක් හේතුවෙන් මිනිස් සංහතියට සිදුවන හානිය වැලැක්විය නොහැකි මට්ටමක ගමන් කර ඇති බවයි එම තත්වයේ යම්සීමා කිරිමක් අවශ්‍ය බවද ඔහු සදහන් කලහ. මේ අතර Bitcoin නැමති අන්තර්ජාල මුදල් එකකයද ලෝකයේ මූල්‍ය ක්‍රියාකාරකම් හානියට ලක්කරනු ඇති බවට ඔහු සිදුකල ප්‍රකාශය ජාත්‍යන්ත්‍රයේ අවදානයට ලක්වුනා.

ඒ හේතුවෙන් ලක් පොලවේ ඉපිද ලෝකයේ මහ ව්‍යාපාරකයෙකු ලෙස Silicon Valley වැජඹෙන ආචාර්ය චමත් පලිහපිටිය සැලකිය හැකිවන්නේ ලාංකිකයින් සතු හැකියාව ලොවට ප්‍රදර්ශනය කල තැනැත්තෙකු ලෙසයි ඒ අනුව අද ලෝකයේ ඩොලර් බිලියනයක් හිමි ධනවතුන්ගේ සමාජයේ වැජඹෙමින් සිටිනවා මේ වනවිට මේරට තුල තොරතුරු තාක්ෂණ සේවය වෙනුවෙන්ද සලකා බලමින් සිටින ඔහුට රට වෙනුවෙන් යම් මෙහෙවරක් සිදුකළ හැකි බවටයි විශ්වාසය තැබිය හැකිවන්නේ මේ අනුව තවත් ඉදිරියට ගමන් කිරිමට ඔහුට දිරිය ශක්තිය ලැබේවා යැයි කියා අප ප්‍රාත්ථනා කරමු.

මදුෂංක ගනේගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *