ඊයේ(12) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට සෘජුව එතුමාට දැනුම් දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ උද්ගත ව ඇති දේශපාලන තත්වයත්, ආණ්ඩුවේ ඉදිරි පැවැත්මත් වෙනුවෙන් මෙම තීරණය තමා ගත් බව පවසා ඇති ජනාධිපතිවරයා, “ඔබතුමා මේ මොහොතේ ස්ටෙප් ඩවුන් වන ලෙස”ම පවසා ඇත. එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගැනීමට කටයුතු කරන ලෙසත් දැනුම් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

මෙය සැල වීමත් සමඟම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇඟේ වසා සිටින මැක්කන් වැනි වූ සාගල සහ මංගල යන ඇමතිවරුන්ට දරා ගත නොහැකි වී ඇති අතර ඔවුන් වැඳ වැටෙමින් අනේ, ඔබතුමා මේ අගමැතිකම නම් දමා යන්න එපා යැයි ඇවටිලි කරමින් සිටින බව එජාපයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මංගල මේ වන විට කරගියා ගත දෙයක් නොමැතිව දසත පුවත් පැලකලකරමින් සිටින බවත් පෙනී යයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ තහවුරු කරගත් ආරංචි මාර්ග අප වෙත සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු අති බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමින් සහ පක්ෂ නායක කමින් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී ඇති බවයි. පවතින දේශපාලන තත්වය හමුවේ එය පාක්ෂිකයින්ගේ මතය බවද ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති අතර යළි ගොඩ ඒම සඳහා වෙනත් විකල්පයක් මේ මොහොතේ නොමැති බවද ඔවුන් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *