අගමැති පදවිය එපා, මහ මැතිවරණයක් ඉල්ලනවා – මහින්ද

පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව ද පවසයි. හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බීබීසී සිංහල සේවය […]

ජනවාරි 08 ජනවරම ශක්තිමත් වෙලා – ආණ්ඩුව

යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව ආණ්ඩුව පවසයි. එබැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය. තමන්ට දැනගන්නට ලැබී තිබෙන ප්‍රතිඵල අනුව […]

පළාත් පාලන මැතිවරණය: පොදු ජන පෙරමුණ ඉදිරියෙන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 වසරේ පළාත් පාලන මැතිවරණයේ වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනාගන්නා ලකුණු පෙන්නුම් කරයි. පළාත් පාලන ආයතන 340න් 200කට ආසන්න සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ පොදු ජන පෙරමුණ සමත් වී ඇති බව නිල නොවන වාර්තාවල […]