ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු තමා ජාත්‍යන්තර පොලීසිය විසින් නිදහස් කළ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා පවසයි.

එසේ නමුත් වත්මන් රජයෙන් තමාට සිදූවූ දරුණු දේශපාලන පළිගැනීම් හේතුවෙන් දැනට ලංකාවට පැමිණීමට අදහසක් නොමැති බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ජාත්‍යන්තර පොලීසිය විසින් උදයංග වීරතුංග මහතාගේ ගමන නවතා පරික්ෂාවට ලක් කර තිබුණි.

කෙසේ වෙතත් රටේ උගතුන් බුද්ධිමතුන් යැයි පවසන කොටස් පවා අද රටේ නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව, අධිකරණයේ ස්වාධීනත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන නියාමනයන් පවතී යැයි සිතීම පිළිබඳ තමා පුදුමයට පත් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ හෝ ලාංකීක පොලීසියට එරෙහිව ජාත්‍යන්තරව වන්දි නඩුවක් පැවරීමට ඉතා සුදුසු අවස්ථාවක් තමාට උදාවීම පිළිබඳ සතුටු වන බවත් උදයංග වීරතුංග මහතා එම නිවේදනයේ සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන සිටින උදයංග වීරතුංග මහතා පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනයේ දී අබුඩාබි බලා පිටත් වී ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *