හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ 26වන පරිච්ඡේදය පරීශීලනය කිරීමේදී, මෙම දූෂිත කොල්ලකාරී ගණුදෙනුව පිටුපස ඇති අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධතාවය මැනවින් හෙළිදරව් වේ.

බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව මඟින් ඉතාම පැහැදිලිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවක මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පත්කිරීමේ සිට කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයන් සිදුකර ගැනීම දක්වා පෙර සැලසුම් කර, සිදුකරන ලද්දක් බවට සුපැහැදිලිව අනාවරණය වේ.

බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව මඟින් ඉතාම පැහැදිලිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවක මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පත්කිරීමේ සිට කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයන් සිදුකර ගැනීම දක්වා පෙර සැලසුම් කර, සිදුකරන ලද්දක් බවට සුපැහැදිලිව අනාවරණය වේ.

මෙය බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ 26 වැනි පරිච්ජේදයේ පිටු අංක 848 සිට 855 දක්වා විශ්ලේෂණය කිරීමෙන් අවබෝධ කර ගත හැක.

1. මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම;

කොමිසමේ සොයාගැනීම්: අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවය මත එතුමන් විසින් ජනාධිපතිවරයාට අර්ජුන මහේන්ද්‍රන් පත්කරලීමට නිර්දේශ කිරීම.

2. අර්ජුන මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව

කොමිසමේ සොයාගැනීම්: එවැනි විදේශීය පුරවැසිභාවයක් සහිත පුද්ගලයකු නිර්දේශ කරන ලද පුද්ගලයාගේ ප්‍රමුඛත්වයන්ට හෝ හොඳ නරක පිළිබඳ දැක්මට අනුව තීරණය වන්නක්.

3. මහ බැංකු අධිපතිවරයා ලන්සු තැබීමේ ක්‍රමවේදය වෙනස් කරලීම පිළිබඳ ගැටලුව

කොමිසමේ සොයාගැනීම් : අග්‍රාමාත්‍යවරයා උපදෙස් පමණක් ලබා දෙන ලදී. නමුත් මහ බැංකු අධිපතිවරයා එම ක්‍රමවේදය ඒකපාර්ශ්වීය ලෙස වෙනස් කරන ලදී.

4. අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් අතර පවතින ඥාති සම්බන්ධය හේතුවෙන් ඇතිවන අභිලාෂයන්හි ගැටුම

කොමිසමේ සොයාගැනීම්: අග්‍රාමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයා මත තබන ලද විශ්වාසය වැරදි වීම.

අග්‍රාමාත්‍යවරයා විසින් ඔහු මහ බැංකු අධිපතිවරයා වෙත තබන ලද විශ්වාසයේ ගෞරවය ආරක්ෂා කරනවාදැයි විමසා බැලීමට සක්‍රිය ලෙස දායක නොවීම පිළිබඳ කොමිසම කනගාටුව ප්‍රකාශ කරන ලදී.

5. පිටිපන කමිටුව පිළිබඳ ගැටලුව

කොමිසමේ සොයාගැනීම්: පිටිපන කමිටුව මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ ගනුදෙනු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුමෙන් තොරවීම. ආරම්භයේදීම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමින් සන්නද්ධ කමිටුවක් පත් කළ යුතුව තිබුණි.

6. අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්: ‘‘මහේන්ද්‍රන් වෙන්දේසි ක්‍රියාවලියට මැදිහත්වීමක් නොවූ බව”

කොමිසමේ සොයාගැනීම්: සාක්ෂි ඊට විරුද්ධ කරුණක් ඔප්පු කර පෙන්වා තිබීම. අග්‍රාමාත්‍යතුමා විසින් මෙම ප්‍රකාශය වඩා හොඳ උපදෙස් ලබාගෙන කළ යුතුව තිබුණි. අර්ජුන මහේන්ද්‍රන් හා නියෝජ්‍ය අධිපතිවරයා වන සමරසිරි අග්‍රාමාත්‍යවරයාව නොමඟ යැවීම. මෙවැනි ප්‍රකාශයක් සිදු කර ලීමට පෙර මහ බැංකුව තුළ කුමක් සිදු වුනි දැයි ස්වාධීනව විමර්ශනය කළ යුතුව තිබුණි.

7. දූෂණ චෝදනාවක් පළමු වරට එල්ල වූවාට පසු ද අර්ජුන මහේන්ද්‍රන්ට තම ධුරයේ කටයුතු කිරීමට ඉඩ සැලසීම.

කොමිසමේ සොයාගැනීම්: මෙම කාලවකවානුව තුළ අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දක්ෂ, සුදුසු සහ දැනුවත්භාවයකින් යුක්ත කමිටුවක් පත් කළේ නම් තත්ත්වය මීට වෙනස් වනු ඇත. අර්ජුන මහේන්ද්‍රන් වැරදි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූයෙන් ඔහු මහ බැංකු අධිපති ධුරයෙන් ඉත් කරන තෙක් එහි සේවය කරන ලදී.

අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ අවසන් නිර්දේශය:
අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ නිර්දේශයක් නොමැත.

මෙහි සංක්ෂිප්තය 26 වන පරිච්ඡේදයේ අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ දීර්ඝ වශයෙන් කවරක් සාකච්ඡා වූවේදැයි ප්‍රකාශ නොකරයි.

1. විශ්ලේෂණය
අර්ජුන මහේන්ද්‍රන් ආණ්ඩුකාරවරයකු ලෙසින් සිතාමතාම තම පුද්ගලික වාසිය තකා හෝ තව පුද්ගලයෙකුගේ වාසිය තකා මහජන අරමුදල් හෝ ඔහුගේ භාරකාරත්වය යටතේ වූ අරමුදල් තම ධුරය භාවිතා කරමින් අවභාවිතයට ලක් කර ඇති බවට සාක්ෂි ඇති බව සනාථ වී ඇත.

2. නිර්දේශය 17: අප කල්පනා කරන පරිදි 2015/2/27 දින පැවති බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සිද්ධියේ දී අර්ජුන මහේන්ද්‍රන්ගේ මැදිහත් වීම එනම්, පර්පචුවල් ට්‍රෙෂරීස් සහ ටෙන්ඩර් මණ්ඩලය වෙත වෙන්දේසියේ මිලියන දහයක් පිළිගත යුතු බවට දුන් උපදෙස් හේතුවෙන් ඔහු මෙම පාඩුව සඳහා වගකිව යුතු බව අප විසින් නිශ්චය කරන ලදී.

3. නිර්දේශය 20 : 2016 මාර්තු 29 දින වූ බැඳුම්කර වෙන්දේසියේ දී නිත්‍ය භාරකරුවන් විසින් තොරතුරු ලබාගැනීම සහ භාවිතා කිරීම.

4. නිර්දේශය 21: නිත්‍ය භාරකරුවන් ඇතුළාන්තයේ තොරතුරු භාවිතා කරමින් ද්විතීය වෙළෙඳපොළෙහි වෙළෙඳාම හැසිරවීම හරහා නිත්‍ය භාරකරුවන් විශාල වශයෙන් ලාභ අත්පත් කොටගෙන ඇත.

5. නිර්දේශය 19 : ඉහත සඳහන් කරන ලද හැසිරීම් රටාවන් දූෂ්‍ය ක්‍රියාදාමයන් සඳහා හේතු සහගත වන්නේද යන වග පරීක්ෂණයකට බඳුන් කිරීමට බැඳුම්කර කොමිසමට නිර්දේශ කිරීම.

6. දූෂණයට එරෙහි වූ එක්සත් ජාතීන්ගේ සමුළුවෙහි ක්‍රියාපටිපාටීන් උල්ලංඝනය කිරීමේ නිර්වචනයට අනුව අග්‍රාමාත්‍යවරයාගේ වගකීම් කාර්යශූරව ඉටු කිරීමේ නොහැකියාව සිතාමතාම ඇති කිරීම. එනම්, මහබැංකු අධිපතිවරයාගේ ක්‍රියාපටිපාටීන් සහ නිලයෙහි බලය හෝ අනෙකුත් ශක්‍යතාවයන් පවතින නීතිවලට පරයා හැසිරවීම. එනම්, තමා වෙත හෝ තව පුද්ගල කොටසකට වාසි ලබාගැනීම පිණිස කටයුතු කිරීම.

7. කොමිසම දක්වන පරිදි අග්‍රාමාත්‍යවරයා විසින් එක් වරක් නොව අවස්ථා ද්විත්වයකදීම හිටපු මහ බැංකු අධිපතිවරයාගේ නීති විරෝධී ක්‍රියාකලාපය තම නිරීක්ෂණයෙන් බැහැර කොට ඇත.
හිටපු මහ බැංකු අධිපතිවරයා පත්කිරීම අගමැති එකඟත්වය මත සිදුවූවකි. පාර්ලිමේන්තුවේදී එක් අවස්ථාවකදී පමණක් නොව, අවස්ථා ත්‍රිත්වයකදීම අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීම. (ප්‍රථමයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම, කෝප් වාර්තාව 1 සහ කෝප් වාර්තාව 2) එලෙසම ගැටලුව යට ගැසීම සඳහා අනු කමිටුවක් පත් කිරීමට සිදු විය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට සිය අශෝභන ක්‍රියාවේ නිරත වන්නට හැකි පරිදි පාර්ලිමේන්තුවත්, මහජනතාවත්, නොමඟ යැවීමට කටයුතු සිදු කොට ඇත.

8. එලෙසින්ම අග්‍රාමාත්‍යවරයා විසින් ජනපති නියමය වූ හිටපු මහ බැංකු අධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ තීරණයට ද විරෝධය ප්‍රකාශ කළේය.

9. මේ අනුව විචක්ෂණ පුද්ගලයෙකුගේ මතය වනුයේ ද අග්‍රාමාත්‍යවරයා විසින් ස්වකීය නිලය සතු රාජකාරි මඟහරිමින්, තම හෝ අන්‍ය පුද්ගල ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටත් අමාත්‍යවරයා ලෙස තම රාජකාරිය සිදු කිරීමට අපොහොසත් හෝ මඟහැරීම කර ඇති බවයි.

10. ශ්‍රී ලංකා නීතියට අනුව නෛතික වරදක් සිදු නොවී තිබුණ ද ජාත්‍යන්තර අල්ලස් හෝ දූෂණ විරෝධී සම්මුතිය යටතේ නීතිය කඩවීමක් සිදුවී ඇත.

11. එසේ නමුදු, මෙම ක්‍රියා කලාපය නිසාවෙන් අග්‍රාමාත්‍යවරයා හා මහජනතාව අතර පැවති සමාජ සම්මුතිය පලුදු වී ඇති අතරම මෙම යහපාලන සංකල්පයන් වන විනිවිදභාවය, වගකීම සහ වගවීම හා කාර්යක්ෂමතාව පලුදු කිරීමකි.

12. මේ සියල්ල හැරුණුකොට අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව නොමඟ යවා ඇත.

——————–මෙය 26 වැනි පරිච්ඡේදයේ අන්තර්ගතයි.———————
රනිල් වික්‍රමසිංහ අගමැති සහ මහෙන්ද්‍රන් පවුල අතර ඇති දැඩි සම්බන්ධය ද, අගමැති විසින්, මහේන්ද්‍රන් එම තනතුරට පත් කිරීම ද, වැරදි පෙනි පෙනී ඔහු නිර්දෝශී බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීම ද, දැනුමක් හෝ හැකියාවක් නැති කමිටු පත් කරමින්, කරුණු වසං කිරීමට තැත් කිරීම ද සැලකූ විට, අගමැතිතුමා, තමා නිර්දෝෂී සහ සිදු වූ ගනුදෙනුව ගැන කිසිත් නොදන්නා බව ප්‍රකාශ කිරීම අසත්‍ය බව පෙනී යයි.
————————————————————————————————

සම්පුර්ණ “බැඳුම්කර ජනාධිපති කොමිසමේ” වාර්තාව පරිශීලනය සඳහා පිවිසීමට මේ මත ඔබන්න.