ලැජ්ජයි කැතයි නින්දිතයි

අවම වශයෙන් මාසයකට වතාවක් හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රායෝගිකව ඔප්පු කරන්නේ තමා පරිණත පාර්ලිමේන්තුවාදියකු නොවන බවයි. ඒ අනුව අද ද ඔහු පාර්ලිමේන්තුවේ දී පිළිකුල් සහගතව හැසිරෙමින් ලෝකයාටම ඒ බව ඔප්පු කළේ ය. ලංකාවේ අංක එකේ ධනපති පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ තම පාර්ලිමේන්තු ජීවිතයේ හතලිස් වසර සැමරුවේ නොබෝදා ය. […]

බැඳුම්කර කොමිසමේ වාර්තාව කතානායකවරයාට නොදුන්නේ ඇයි?

බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව විවාද කිරීම පිණිස පක්ෂ නායකයන්ගේ ඉල්ලීම ප්‍රකාර එය තමන් වෙත ලබා දෙන මෙන් කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් එම වාර්තාව බදාදා (ජනවාරි 10) තමන් වෙත ලැබී නැති බව කතානායකවරයා නිවේදනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් අතර […]

අලුත්ගම ගැටුම: හානි වූ ගෘහ උපකරණ වෙනුවෙන් වන්දි

2014 ජුනි 15 සහ 16 වෙනි දිනවල බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල හටගත් ගැටුම්වලින් පීඩාවට පත් වූ ජනතාවට වන්දි ප්‍රදානය කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළේය. බේරුවල හා අලුත්ගම ගැටුමේදී පවුල් 273කට අයත් දේපළ විනාශ කරනු ලැබිණ. එහිදී හානි වූ ගොඩනැගිලි ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අලුත්වැඩියා කර දුන් නමුත් […]

කාන්තා මත්පැන් තහංචි ඉවත් කෙරෙයි

වයස අවුරුදු 18 ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අවසර ලබා දීමට රජය තීන්දු කර තිබේ. ඒ අනුව වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවනු ඇත. කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට […]