ශ්‍රී ලංකාවේ වෙබ් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට යැයි පවසමින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය නමින් පිහිටුවාගත් සංවිධානයක් කටයුතු යොදා ඇතැයි වාර්තාවෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් හෙට (2017 දෙසැම්බර් 29) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් නම් කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවේදී මෙම ආචාර ධර්ම මාලාව ප්‍රකාශයට පත්කරන බව ද සඳහන්වේ.

රජයේ ප්‍රමුඛ ඇමතිවරයෙක් සහ ඔහු ගෝලබාලයින් විසින් මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ක්‍රියාකාරීන්ගේ මූලිකත්වයෙන් මේ එකතුව සාදාගෙන තිබේ.

මේ සංවිධානය කෙතරම් ස්වාධීන සහ මාධ්‍යවේදීන් වෙනුවෙන් කටයුතු කරන්නේද යත් මාධ්‍ය හමු පැවැත්වීමට රජයේ මාධ්‍ය මධ්‍යස්ථාන හිමිවීමේ සිට ප්‍රකාශ නිකුත්කිරීම දක්වා සියලු කටයුතු වෙනුවෙන් අනුග්‍රහය හා සහභාගීත්වය රජයේ පාර්ශවයෙන් සිදුවෙයි. එමෙන්ම මේ සංවිධානගත බොහෝ දෙනෙක් සහජීවනය සහ යහපාලනය වෙනුවෙන් ඍජුව පෙනීසිටියවුන් වන අතර, ඔවුන්ට රජයේ මාධ්‍යයන්හි තනතුරු සේම විවිධ වැඩසටහන්හි විශාලකාල පරාසයක් වෙන්ව තිබීමද විශේෂත්වයකි.

කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන මේ හවුලේ නවතම හමුවට, මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඇතුළු රජයේ මැති ඇමතිවරුන් පිරිසක් ද සහභාගිවීමට නියමිතය.

වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ මගපෙන්වීම සඳහා මෙම ආචාර ධර්ම මාලාව හඳුන්වා දෙන බව ට එහි මූලිකයන් පවසන බවට රජයේ මාධ්‍යයන්හි පුළුල් ඉඩක් වෙන්ව ඇති බවත් දැකගත හැකිය.

මේ මාධ්‍යවේදීන්ම 2015 ජනවාරි අට ආසන්නයේ දී අරලියගහ මන්දිරයේදී එවකට ඇමති බැසිල් රාජපක්ෂ හමුවෙමින් ඔවුන් හමුවේද මේ සංවිධාන නාමයන් උකස් කරන්නට තැතමූ බව අපගේ ආරංචි මාර්ග පවසයි.

ඒ කාලසීමාවේදී සිවිල් සංවිධාන තුට්ටුවකට මායිම් නොකරමින් කටයුතු කළ රාජපක්ෂ රෙජීමය විසින් මෙවන් සංවිධානයන්ගේ ඉල්ලීම් කෙරෙහි අවධානයක් යොමු නොකළේය. කෙසේ නමුත් ඔවුන්ගේ පරාජයට එයද හේතුවක් වූබව විචාරකයින්ගේ මතය වීය.

මේ හවුලේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ අවස්ථාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *