ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශාල හඩක් නැඟීමට ගාමිණී වියන්ගොඩ මහතාට සිදුවී ඇත්තේ සිය බෑනා වන සුභාෂ් පින්නපොල මහතා බේරා ගැනීමට බව වාර්තාවේ.

ඊට හේතුව ජන මාධ්‍ය අමාත්‍යාංශය මඟින් නිර්මාණය කරන ලද සංහිඳියා ගීතය වෙනුවෙන් ලක්ෂ 140ක් ලබාගැනීම නිසාවෙනි.

හිටපු ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ සමයේ ආරම්භ කල එම සංහිඳියා ගීතය නිෂ්පාදනය කිරීමට වසර එකහමාරක් ගතවී ඇති අතර ඒ සඳහා ගෙවිය යුතු අවසන් මුදල වර්තමාන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගෙවා ඇති බව වාර්තා වේ.

‘අහන්න’ යනුවෙන් සඳහන් එම ගීතය විනාඩි 7කට වැඩිය දිඟුය.

මෙම ගීතයේ ගායනය වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට හඬ නැඟූ අළුත් පරපුර සංවිධානයේ ඉන්ද්‍රචාප ලියනගේ ගේය.

එහෙත් එම ගීතයේ රෑප රාමු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති වලට පටහැනි ලේ තැවරුණු සහ මිනීමැරුම් දර්ශණ වලින් සමන්විතය.

කෙසේ වෙතත් එම ගීතය ප්‍රචාරය කිරීම සඳහා ජන මාධ්‍ය ආයතනවලට මුදල් දෙන බව පවසා එය ප්‍රචාරය කරගෙන ඇති අතර මේ වන තෙක් එම මුදල් ගෙවා නොමැති බව වාර්තා වේ. සුභාෂ් පින්නපොල ගාමිණී වියන්ගොඩගේ සහෝදරියගේ පුත්‍රයා වන අතර ගාමිණී වියන්ගොඩගේ දියණිය විවාහ වී සිටින්නේ ඔහු සමගය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලට අනුයුක්තව මිලියන ගණන් මුදල් උපයන්නෙකි. මහජන බැංකුව, ලේක් හවුස්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආදියේ ප්‍රචාරණ කටයුතුද ඔහුට පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *