ශ්‍රී ලංකාවට Lamborghini රථ ගෙන්විම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයකට රාජපක්ෂලා වගකියන බව නොරහසකි.පසුගියදා හදිසියේම ලංකාවට ගෙන්වු අලුත්ම Lamborghini රථය සමගම කාලයක් යටගොස් තිබු Lamborghini කතාව යලිත් මතුවු අතර කාගෙත් අවධානය යොමුවුයේ එම රථයේ සැබෑ අයිතිකරුවා කවුරුන්ද යන්න සොයා ගැනිමයි.

කොළඹ වරායේ සන්හිල් අංගනයට ගොඩබා ඇති ලැම්බොගිනි වර්ගයේ අති නවීන මෝටර් රථයේ පින්තූර කිහිපයක් සමාජ ජාලාවන්හි පලව ඇති අතර ඊට වඩා ඡායාරූප,විඩියෝ මෙන්ම එම රථය ගෙන්විමට කටයුතු කල අය කවුරුන්ද යන්න යන්න මනාව අනාවරණය කිරිම අප සතු වගකිමකි.

ලංකාවට අලුත්ම Lamborghini රථය ගෙනාපු බෙවරියන් මෝටර්ස් අධිපතිනී ජීහාන් හමීඩ් (Jihan Hameed) නමැති කාන්තාව කවුරුන්දැයි සමහරුන්ට අමතකව ඇත.ඇය කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කල නාමල්ගේ සමිපතම මෙන්ම රාජපක්ෂලාගේ හිත දිනාගත් කෙනෙකු වන අතර ඇයගේ සැමියා රිෂාඩ් හමීඩ් වේ.

මෙරටට වාහන ගෙන්වනු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක හිමිකරුවෙකු වන ඔහු ඔහුගේ බිරිදගේ නමට අලුත්ම Lamborghini රථය ගෙන්වා ඇති නමුත් තීරු ගාස්තු සම්බන්ධයෙන් රේගුව හා ඇති වූ ප‍්‍රශ්නයකදී ඇය සදහන් කර ඇත්තේ තම නමට මෙට ගෙන්වූවත් සැබෑවටම එය අයත් වන්නේ මෙරට දේශපාලන ප‍්‍රභූවරයෙකුගේ පුත‍්‍රයෙකුට බවයි.

මෙම වාහනයේ එන්ජින් ධාරිතාවය ඝණ සෙන්ටිමීටර 5000ක් වන අතර පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කල හැකි අතර එන්ජින් ධාරිතාවය අනුව මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බද්ද ලක්‍ෂ 580ක් වන බවත් වාහනයේ වෙලදපල වටිනාකම ලක්‍ෂ 1190ක් වන බවද රේගු වාර්තා අනාවරණය කර තිබේ.

කවුද මේ ප‍්‍රභූ පුත්‍රයා…?

“ප‍්‍රභූ පුත්‍රයා” යනුවෙන් ජීහාන් හමීඩ් සදහන් කල සැනින් රාජපක්ෂලාට සම්බන්ධ වෙබ් අඩවි හරහා එය මතුකිරිමට උත්සහ කළේ වත්මන් ජනාධිපතිවරයාගෙ පුත්‍රයාගේ සම්බන්ධයන් මතුකර පෙන්විමටය. නමුත් පුවත් පලකිරිමෙන් පසුව වැඩේ ඇණගත් බව දැන ගත්තේ ජීහාන් හමීඩ්ලා සහ රාජපක්ෂලා අතර ඇති සබඳතාවය හරහාය.

අදාල අලුත්ම Lamborghini රථය ගෙන්විම පසුපස නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මෙන්ම රෝහිත රාජපක්ෂ සිටින අතර කළු සල්ලි සුදු කිරිමේ රාජපක්ෂලාගේ සෙල්ලමේ එක් ක්‍රමයක් වන Lamborghini සෙල්ලම දෙවනි වන්නේ රාජපක්ෂලා බලයේ සිටින කාලයේ ඩිලන්ත මාලගමුව නමට ගෙන්වු Lamborghini රථයට මෙන්ම නාමල්,මහින්දගේ කොටස් විශාල වශයෙන් ඇති මයික්‍රෝ සමාගම ගෙන්වු Lamborghini වලට පමණී.

කවුද මේ ජීහාන් හමීඩ් (Jihan Hameed)

අදාළ Lamborghini රථය ගෙන්වු ජීහාන් හමීඩ් සහ ඇයගේ සැමියා වන රිෂාඩ් හමීඩ් නැමත්තා 2010 යුද උද්දාමයට පත්ව සිටි රාජපක්ෂලාගේ සමිපතමයන් වු අතර ඒ කාලයේ එතරම් වත් පොහොසත්කම් නොතිබුනු ඔහුන් පසුව රාජපක්ෂලා සමග සම්බන්ධ වි ඔහුන්ගේ කලු සල්ලි සේදිමේ ව්‍යාපාරයන්ට සම්බන්ධ වු අතර ලංකාවේ හිටපු අමාත්‍යවරැන්ගේ සිට වත්මන් ඇතැම් අමාත්‍යවරුන් මෙන්ම මජර ව්‍යාපාරිකයන් සිය කලු සල්ලි සේදිමේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනු ලබන්නේ කාර් සේල් වලට පිංසිදුවන්නටය.

ජීහාන් හමීඩ්ලා නාමල් සමග ඇතිකර ගත් සමිප සබඳතාවය මත පලාත් සභා මැතිවරණයට තරග කල අතර පසුව රාජපක්ෂලාගේ මුදල් යොදවා බෙවරියන් මෝටර්ස් නැමති මෝටර් රථ ගෙන්වන ව්‍යාපාරයක් ආරම්භ කල අතර හමීඩ්ලා,රාජපක්ෂලා මොනතරම් සම්බන්ධයක් තිබේද යන්න මනාව තහවුරු වන්නේ රාජපක්ෂලා අතින් මැරුම් කෑ වසීම් තාජුඩින්ගේ සැකකරු ලැයිස්තුවේද හමීඩ්ලා සිටිම හරහාය.


හමීඩ්ලා,මැදමුලන රාජපක්ෂලා අතර පමණක් නොව මෙරට සමාජ ජාල තුළ dealදාස යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කුප්‍රකට විජයදාස රාජපක්ෂලා සමගද හමීඩ්ලා සමීප සබඳතාවයන් පවත්වන බව නොරහසකී. ඒ නිසාම වන්නට සල්ලි වල පිහිටෙන් .ඩීල් දාසගේ නීති තර්කවලින් නීතියේ හිල්වලින් රිංගා යැමට හමීඩ්ලා දක්ෂ වි සිටි.

හමීඩ්ගේ බිරිඳගේ දේශපාලනය ගැන අසන්නට ඇත්තේ එය දේශපාලනයද නැතහොත් ලොව පැරණිතම වෘත්තියද යන්නය. අඟර දගර පා දේශපාලකයන් හා හුරතල් වී නැත්තම් යහන්ගත වී හෝ ව්‍යාපාර අවස්ථා ලබා ගැනීම දේශපාලනය ලෙස අර්ථ දැක්විය නොහැක. නාමල්ගේ පරිහරණයෙන් ඉවත්කරන අය ජොනී වෙත ලබාදෙන බව මෙරට දේශපාලනයේ ඕපාදුප දන්නා බොහෝ දෙනෙක් දන්නා කාරණයක්ය. හමීඩ්ගේ බිරිඳ සමූපකාරයේ ලේකම් කෙනෙක් වීම පිටුපස ඇත්තේ එවන් කතාවක්ය.

උද්‍යාන පාරේ වූ නිවාස ගනනාවක CCTV කැමරා සවිකර ඇත. තාජුඩීන් මරණයට පත්වූ දිනයේ ඔහු එම මාර්ගයේ ගිය අවස්ථා එම දත්ත ලබාගත හැකිනම් ඉතා පහසුවෙන් සොයාගත හැක. එමෙන්ම මේ සඳහා භාවිතා වූ බව කියන ඩිෆෙන්ඩරය උද්‍යානපාරේ ඇති සුපිරි වෙළඳසැලක සටහන වී ඇත. උද්‍යාන පාරේ ඇති එකම CCTV පද්ධතිය එය නොවන බව කිව යුතුය. සාක්ෂි සොයා ගැනීමට වඩා අපහසු වී ඇත්තේ පරීක්ෂණ නිසි මඟට යොමුකර ගැනීම බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

හමීඩ්ගේ ව්‍යාපාර ගැන ඉතා විශාල සැකයක් ඇතිවන්නේ ඔහු ටොෆී, චොකලට් ගන්නා ලෙස BMW 7 Series වාහන මෙරටට ගෙන ඒම තුලය. ඔහු මෙම වාහන ගෙන එන්නේ එංගලන්තය හරහා බව දැනගන්නට ඇත. ඔහු මෙම කටයුතු මෙහෙයවන්නේ බර්හිංහැම් නගරය, මැන්චෙස්ටර් නගරය කේන්ද්‍ර කරගෙන බව දැනගන්නට ඇත. බර්හිංහැම් නගරය යනු විශාල ආසියානූ මුස්ලිම් ප්‍රජාවක් ඇති නගරයක්ය. එහි පාකිස්ථාන ජාතිකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වන අතර මුජාහීඩ්ගේ කුඩු ජාලයේ එක් කේන්ද්‍රයක් වන පාකිස්ථානයේ නියෝජිතයන් හමීඩ්ගේ ව්‍යාපාර සඳහා සහය ලබා දෙන බව දැනගන්නට ඇත. බර්හිංහැම්හි බාර්ක්ලෝස් බැංකුවෙහි ස්ටාර්ලින් පවුම් මිලියන 15ක පමන තැන්පතු හමීඩ්ට ඇති බවත් මැන්චෙස්ටර් බාන්ලේස් බැංකුවේ මිලියන 20ක පමන තැන්පතු ඇති බවත් දැනගන්නට ඇත. මැන්චෙස්ටර්හි BMW නැවත අලවිකරන නියෝජිතයා පවා හමීඩ්ගේ BMW මිලදී ගැනීමේ රටාව ගැන මවිතයට පත්ව ඇත. BMW 7 Series රථ 10ක් එකවර මිලදී ගන්නා එකම ගැනුම්කරුවා හමීඩ් බව ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම මෙම ගණුදෙනු සඳහා පවුම් මිලියන 45ක අයිරා පහසුකම්ද හමීඩ්ට ලබා දීමට එම බැංකුව කටයුතු කර ඇති බව දැනගන්නට ඇත. කුඩු ව්‍යාපාරය හරහා මුජාහීඩ් උපාය ගන්නා ධනය BMW වී මෙරටට පැනිනෙන ආකාරය පැහැදිලි කරගැනීම රහස් පොලීසිය කටයුතු කල යුතුය. ඒ අනුව මුදල් විශුද්ධිකරන පනත යටතේ මොවුන්ට නඩු පැවරිය යුතුය. වෙලේ සුදාට, දුමින්දට දැක්වූ අනුග්‍රහයන් මුජාහීඩ්ගේ කුඩු ජාලයට ලැබුනේ රජ පවුලේ ආශිර්වදයෙන්ය. දැන් හෙලිවෙන මහා පරිමාන කුඩු ප්‍රති අපනයන ජාවාරම දෙස බැලූ විට දුමින්ද හාල් මැස්සෙක්ය. එහි තොරුන් මොරුන් ලෙස කටයුතු කර ඇත්තේ රාජපක්ෂ රෙජීමයේ කුමාරවරුන්ය.

හමීඩ්ලාට කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කල හැකිය. එබැවින් ඔවුන් මේ වනවිටත් තමා වෙත එල්ලවෙන මිනීමැරුම්, කුඩු ජාවාරම් හෝ මුදල් විශුද්ධිකරණ පිළිබඳ නඩු වෙනුවෙන් මෙරට සහ පිටරට සුපිරිම නීතීඥයන්ගෙන් උපදෙස් ලබා ගන්නවා විය හැකිය. නමුත් මෙරට නීතිය දැන් ක්‍රියාත්මක වන්නේ පාලකයන්ගේ සිතැඟි අනුව නොව නීතිය මගින්ය. එබැවින් හමීඩ්ටද සාධාරණ විනිශ්චයක් හිමිවනු ඇත. හමීඩ්ගේ බිරිඳට කිවයුතුව ඇත්තේ තම නිදොස් බව ලොවට කිවහැකි හොඳම තැන අධිකරණය බවය. හමීඩ්ලා දැන් ප්‍රාර්ථනා කරන්නේ රාජපක්ෂ පාලනයක් යලිත් මෙරට ස්ථාපනය වනු දැකීමටය. එවිට මෙම කිසිඳු පරීක්ෂණයක් කරලියට පැමිනෙන්නේ නැත.

ලැම්බොගිනි ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර කල හෙළිදරවුව…

http://s.readsrilanka.com/wp-content/uploads/2017/12/video-1512281636.mp4?_=1

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සතුව තිබුණු ලැම්බොගිනි වර්ගයේ මොටර් රථ තුනක් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ ගුවන් මගින් මැලේසියාවට යවා ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර ‘හෙළිදරවුව’ මාධ්‍ය හමුවේදී කියා සිටියේ මේ වන විට එම කාර් තුන ඇත්තේ මැලේසියාවේ කුඩු රජාගේ නිවසේ බවයි.

නාමල් රාජපක්‍ෂ හා යෝෂිත රාජපක්‍ෂ පිටරටවලදී මෝටර් රථ තරඟවලට සහභාගී වී ඇත්තේ එම කුඩු රජාගේ බලපත්‍රය පාවිච්චි කරමින් බවත් පැවසූ ඔහු ලැම්බෝගිනි සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ නියමයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරගෙන යන බවද කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *