මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට යටත් කොට පවත්වාගෙන ගිය ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් ප්‍රමුඛ බොහෝ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මේ වන විට රාජපක්ෂ රෙජීමයෙන් ගැල වී තම සැබෑ දේශපාලන අරමුණ වෙනුවෙන් තම මව් දේශපාලන පක්ෂය වෙත පැමිණීමට තීරණය කොට ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තාවේ.

ඒකාබද්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්ලිය ප්‍රමුඛ අනෙකත් ප්‍රගතිශීලි දේශපාලන පක්ෂවල විශාල මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ මහින්දගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධයෙන් ගැල වී තම මව් පක්ෂයට පැමිණීමට දේශපාලන කරුණු ගණනාවක් බල පා ඇත.

ඉන් ප්‍රධාන කරුණක් නම් එලඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් තරඟ කළ යුතු බවට ඒකාබද්ධය සහ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන ශ්‍රීලනිපයේ පිරිස් අවංක දේශපාලන අරමුණකින් සාකච්ඡා කරගෙන අය අවස්ථාවේදී එය එළිපිටම කඩා කප්පල් කරමින් එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්කරුවකු වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ විසින් ඔහු යටතේ ක්‍රියාත්මක ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ නොහොත් ‘පොහොට්ටු’ පක්ෂයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම කැපී පෙණුනි.

මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ නායකත්වය දරණ ඒකාබද්ධය සහ පොහොට්ටු පක්ෂය යන දෙකම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඩීල් මත ක්‍රියාත්මක රාජපක්ෂවරුන්ගේ පවුල් සහ එම පවුල්වල සහචරයින් බේරාගැනීම වෙනුවෙන් තමන්ගේ දේශපාලන ජීවිතය පළිහක් කරගනිමින් ගෙන යන ව්‍යාපෘති දෙකක් බවට දේශපාලනිකව පරිණත එහි අතිශය බහුතරයක් අවබෝධ කරගෙන එයින් එළියට බැසීමට තීරණය කිරීම අනෙක් ප්‍රධාන කරුණයි.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට රාජපක්ෂවරුන් පමණක් නඩුහබ සහ දූෂණ චෝදනාවලින් මුදවා යළි රජ කරවීම සඳහා සිදුකළ සහ පවත්වාගනිමින් ක්‍රියාත්මක කල දේශපාලන තුප්පහි ක්‍රියාවක් ලෙස මෙය ඒකාබද්ධයේම ප්‍රබල මන්ත්‍රීවරුන් පිරිසක් රාජපක්ෂවරුන්ගේ මුහුණටම දමා හැර ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මේ වන විට උග්‍ර වී ඒකාබද්ධයේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයත් සමඟ එහි අතිශය බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සටනට පණ පෙවීමට නියමිතව බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *