LONDON, UNITED KINGDOM – MARCH 09: (EMBARGOED FOR PUBLICATION IN UK NEWSPAPERS UNTIL 48 HOURS AFTER CREATE DATE AND TIME) President of Sri Lanka Maithripala Sirisena attends the Commonwealth Observance Service at Westminster Abbey on March 9, 2015 in London, England. (Photo by Max Mumby/Indigo/Getty Images)

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පැමිණිලි, ඉල්ලීම් සහ තොරතුරු ලබා ගැනිම සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා නව අයදුම්පතක් යොමු කිරිමට තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දෙසැම්බර් 15 වන දිනට පෙර එම තොරතුරු එක්රැස් කරන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍ර ලේඛයක් නිකුත් කිරිමට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

අදාල තොරතුරු අතුරුදන්වූවන්ගේ කාර්යාලය සහ අතුරුදන්වූවන්ගේ කොමිසන් සභාව මඟින් නැවත විමර්ශනය කිරිමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

අතුරුදන්වූවන්ගේ පවුල්වල සමාජිකයින් පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

වත්මන් රජය කිසිඳු රහස් කඳවුරක් පවත්වාගෙනයාමක් හෝ කිසිදු පිරිසක් රහසිගතව රඳවාගෙන නොමැති බව එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

රටේ සෑම ජනකොටසකගේම ගැටළු සම්බන්ධයෙන් විවෘතව සහ සාධාරණ ලෙස විසඳුම් ලබාදීමට තමා ඇතුළු රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *