බෝට්ටුවෙන් “නවසීලන්තයට හොරෙන් යාමට” තැත් කළ තිස්එක් දෙනෙකුට වැඩ වරදියි

බෝට්ටුවක් මගින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිටව යාමට උත්සාහ කළ තිස් එක් දෙනෙකු හලාවත ආරච්චිකට්ටුව නගුල්එලිය දුපත ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම පිරිස රැගත් බහු දින ධීවර යාත්‍රාව අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට ලක්ව තිබූ බව කියා සිටි ආරච්චිකට්ටුව පොලිසිය නාවික හමුදාවේ ද සහාය ඇතිව එහි සිටි […]

අයහපත් කාලගුණය: දකුණේ දහස් ගණනක් පීඩාවට “ආපදා ගැන 1902 අංකයට දැනුම් දෙන්න”

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යම් හානියක් සිදුවුවහොත් ඒ බව 1902 ආපදා හදිසි ඇමතුම් අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක ජනතාව පීඩාවට පත්ව සිටින බැවින් ඔවුන්ට කඩිනමින් සහන සේවා සැපයීමටත් අවශ්‍යතාවක් ඇත්නම් ආරක්ෂිත ස්ථානවල රඳවන ලෙසත් ස්වදේශ කටයුතු […]

අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බදාදා (නොවැ 30) සිට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැනට මරණ හතක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ ගම්පහ, බදුල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කවලින් එම මරණ වාර්තාවී ඇති බවය. මේ අතර ධීවරයන් ඇතුළු විසි තුන්දෙනෙකු අතුරුදහන්වී ඇතැයි වාර්තාවන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය […]

සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්ව තිබු පෙත්සම ඉල්ලා අස් කර ගෙන තිබේ. අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරු එකඟතාවය පළ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා බ්‍රහස්පතින්දා (නොවැ 30) පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් පැවසීය. “පක්ෂ නායක රැස්වීමෙන් පසුව […]

විමල් වීරවංශට කෝටි හත හමාරකට – චෝදනා 39කට නඩු දමයි

අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ට එරෙහිව අද (2017 නොවැම්බර් 30) දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ ඇත. මන්ත‍්‍රීවරයාට අධි චෝදනා ගොන් කර ඇත්තේ අයතා ලෙස වත්කම් උපයා ඇති බව සදහන් කරමිනි. මිලියන 75ක පමණ මුදලක් මන්ත‍්‍රීවරයා […]

කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්”

පවතින කාලගුණය තත්ත්වය හමුවේ දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පලාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ඇද හැළෙන වර්ෂාපතන අගය මිලිමීටර 100 ඉක්මවා යා හැක. මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කළ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය […]

ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට “ජයග්‍රහණය විශ්වාසයි”

ලබන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත පළාත් පාලන මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් තොරව තනිව තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) පවසයි. ඒකාබද්ධ විපක්ෂය සමග එකමුතුව පළාත් පාලන මැතිවරණවලට තරග කිරීම සඳහා සාකච්ඡා පැවැත්වුණු නමුත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙන් අවංක උත්සාහයක් නොදැරුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ […]

ගෝඨාභයට එරෙහි නීති පියවර වළකමින් නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදූ දේපොළ නීතිය යටතේ නීතිමය පියවර ගැනීම ලබන මස 6 වෙනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (නොවැ 29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අභියාචනාධිකරණය එම පියවර ගනු ලැබුවේ පොදු දේපොළ පනත යටතේ තමාට එරෙහිව පියවර ගැනීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා […]

එජාප මන්ත්‍රීවරුන්ට මෛත්‍රී විවේචනය කිරීම තහනම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවේචනය කිරීමෙන් වැළකී සිටින මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ (එජාප) මන්ත්‍රීවරුන්ට අවවාද කර තිබේ. එජාප නායකයා ද වන අගමැතිවරයා ඒ බව දැනුම් දී තිබෙන්නේ සඳුදා (නොවැම්බර් 27) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවා අදහස් දක්වමිනි. එජාපය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ පසුපෙළ […]

යුද හමුදාවේ 28,000ක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පැන ගිය සහ නිවාඩු නොගෙන රාජකාරියට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින් 28,000ක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි. යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලය නොවැම්බර් 23 වෙනි දින අවසන් විය. එම සමා කාලය ප්‍රයෝජනයට […]