පැපුවා නිව්ගිනියාවට අයත් මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය වසර 2012 දී යළි විවෘත කෙරුණු අවස්ථාවේ සිට ඒ වෙත නොයෙක් වර විවේචන එල්ලවන්නට විය. එම රැඳවුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිවූ ප්‍රධාන පෙලේ සිදුවීම් මතු සඳහන් ලෙස පෙළගැස්විය හැක.

2001 : ඔස්ට්‍රේලියානු අගමැති ජෝන් හවර්ඩ් ක්‍රියාවට නැගූ, ශාන්තිකර කලාපීය විසඳුම (Pacific Solution) නම් වූ දේශපාලන රැකවරණ පතන්නන් දුර්මුඛ කිරීමේ ප්‍රතිපත්තියකට අනුව මෙම කඳවුර මුල්වරට විවෘත කෙරිණි.

2008 : අගමැති කෙවින් රඩ් ගේ සමයේදී නිල වශයෙන් කඳවුර වසා දැමීය.

2012 නොවැම්බර් : දේශපාලන රැකවරණ පතන්නන් පැමිණීමේ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ යාමේ තත්ත්වය පැවති කම්කරු රජය මුහුණ පෑ ප්‍රධාන දේශපාලන ගැටලුවක් බවට පත්වෙද්දී අගමැතිනි ජුලියා ගිලාඩ් මෙම කඳවුර යළි විවෘත කළාය.

2013 ජූලි : බෝට්ටු මගින් පැමිණෙන රැකවරණ පතන්නන්ට ඔස්ට්‍රේලියාවේ පදිංචිවීමේ අවස්ථාවක් නැති බව ප්‍රකාශයට පත්කළ යළි බලයට පැමිණි අගමැති රඩ්, එම ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස දැඩි කළේය.

2013 අගෝස්තු : සරණාගතයින් රදවාගනිමින් නවාතැන් දීමට එකඟවීම මත, ඔස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනි වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 400ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 310) සැපයීමට ඔස්ට්‍රේලියාව ඉදිරිපත්විණි.

2014 පෙබරවාරි : ඉරාන ජාතික රැකවරණ පතන්නෙකු වූ 23 හැවිරිදි රේසා බරාටි රැඳවුම් මධ්‍යස්ථානය තුළදී ඝාතනයට ලක්විය. ප්‍රදේශවාසීන් මධ්‍යස්ථානයට ඇතුළුවී හටගත් කෝලාහලයකදී එම සිදුවීම හට ගැනිණි. තවත් රැකවරණ පතන්නන් 70 දෙනෙක් තුවාල ලැබූහ.

මෙම කෝලාහලය “අතිශයින්ම අපේක්ෂා කළහැකි” තත්ත්වයක් බව ඔස්ට්‍රේලියානු සෙනෙට් වාර්තාවක කියවුනේ, අදාළ මධ්‍යස්ථානය වෙත රැඳවියන්ගේ පැමිණීම ඉහළ යමින් පැවති බැවිනි. එය නියමිත ඉඩ පහසුකම් ඉක්මවා යන තත්ත්වයක් විය.

ඉරාන ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පැපුවා නිව්ගිනි වැසියන් දෙදෙනෙකුට වසර 10 ක සිර දඬුවම් පැනවුණු අතර ඉන් වසර 5 ක් අත්හිටුවිණි.

2014 සැප්තැම්බර් : පාදයේ ඇති වූ කැපුම් තුවාලයක් හේතුවෙන් 24 හැවිරිදි හමීඩ් ඛසායේ නම් වූ ඉරාන ජාතික පුද්ගලයා මිය ගිය අතර ඔහුට ප්‍රමාණවත් වෛද්‍යාධාර සැපයුනේදැයි යන ගැටලුව මතුවිය.

2015 ජනවාරි : ඇතැම් රැඳවියන් පිරිසක් මධ්‍යස්ථානය තුළ බාධක තනාගනිමින් උපවාසයක යෙදුණාහ.

2015 මාර්තු : ඔස්ට්‍රේලියාව රැකවරණ පතන්නන්ට දක්වන සැළකිල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “දේශනාවලට ලක්වීම ඇතිවෙලා” යැයි අගමැති ටෝනි ඇබට් පැවසුවේ මුහුදේදී ජීවිත බේරාගැනීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය තවදුරටත් අවධාරණය කරමිනි.

2016 අප්‍රේල් : සිය රටේ ව්‍යවස්ථාව පුද්ගල නිදහස තහවුරු කර ඇති බැවින් මෙම රැඳවුම් මධ්‍යස්ථානය නීති විරෝධී බව පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මධ්‍යස්ථානය වසා දමන ලෙස පැපුවා නිව්ගිනි අගමැති පීටර් ඔනීල් දැනුම් දුන්නේය.

2016 දෙසැම්බර් : ඉශාල් අහ්මඩ් නම්වූ 27 හැවිරිදි සුඩාන ජාතික සරණාගත පුද්ගලයා ශාරීරික සංකුලතා හේතුවෙන් මෙන්ම වැටීමකින් මියගිය අතර සරණාගතයින් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින් පැවසුවේ ඔහු මාස කිහිපයක සිට අසනීපව සිටි බවකි.

2017 අප්‍රේල් : පැපුවා නිව්ගිනි ආරක්ෂක සාමාජිකයින් කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලැබූහ. ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ද එය තහවුරු කරනු ලැබිණි.

2017 ජුනි : මැනුස් දූපතේ රඳවා සිටි කාලය තුළදී තමන්ට අනර්ථයක් වී යැයි පැවසු සරණාගතයින් හා දේශපාලන රැකවරණ පතන්නන් වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 70ක් (ඩොලර් මිලියන 53) සැපයීමට ඔස්ට්‍රේලියානු රජය සහ කොන්ත්‍රාත්කරුවෝ ඉදිරිපත් වූහ.

2017 අගෝස්තු : හමාඩ් ෂම්ශිරිපුර් නම්වූ ඉරාන ජාතික දේශපාලන රැකවරණ පතන්නා මියගොස් සිටියදී හමුවිණි. සියදිවි නසාගැනීමක් වුවද එය සැක කටයුතු විය.

2017 සැප්තැම්බර් : මැනුස් දූපතේ සිටි සරණාගතයින්ගෙන් 22 ක් භාරගැනීමට ඇමෙරිකාව ඉදිරිපත්විය. එය, පදිංචිකරවීමේ එකඟතාවකට අනුව ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව වේ.

2017 ඔක්තෝබර් 2 : තවත් සැකකටයුතු සිය දිවි නසා ගැනීමක් ලෙස, ශ්‍රී ලාංකික සරණාගතයකු මියගොස් සිටියදී හමු විණි.

2017 ඔක්තෝබර් : ඔස්ට්‍රේලියාවේ ඉවත්වීම “හදිසි මානුෂීය” තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම අනතුරු ඇඟවූ අතර මතුව ඇති උණුසුම් තත්ත්වය හමුවේ සහය වීම සඳහා පොලිසිය යැවීම පිළිබඳව සිතා බලන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඔස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

2017 ඔක්තෝබර් 31 : ජලය හා විදුලිය කපා හැරීම මැද වුවද සිය ගණනක් වූ සරණාගතයින් මෙන්ම දේශපාලන රැකවරණ පතන්නන් රැඳවුම් මධ්‍යස්ථානයෙන් බැහැරවීම ප්‍රතික්ෂේප කළේ ප්‍රදේශයේ ජනතාවගෙන් සිය ජීවිතවලට තර්ජන වේ යැයි බියෙනි.