රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජයගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිතුමා සතු බවත්, සියලූ ජාතීන්ගේ එකගතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දැියහැකි නායකයා ජනාධිපතිතුමා පමණක් බවත් ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසති.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙම අදහස් පළ කළේ පැපිළියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත‍්‍රණ ශාලාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ පුණ්‍යෝත්සවය අමතමිනි.

මෙම පුණ්‍යෝත්සවය අද(29) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කල භික්ෂූන් වහන්සේ නමක් වන මැදගොඩ අභයතිස්ස හිමි සිල් රෙදි හොරුන් වෙනුවෙන් පිණ්ඩපාතිකව දඩ මුදල් එකතුකිරීම වැනි සාසනික වගකීම් රැසක් පසුගිය සමයේදී ඉටුකලා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම හරහා රට ගිනි තියන බවට මහ හඩින් කෑ ගැසූ භික්ෂූන් වහන්සේ නමක් එක් වරම ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් රටේ ප්‍රශ්ණ වලට විසදුම් ගෙන ආ හැකි එකම නායකයා ඔහු බව පැවසීමටෙ හේතුව අද උදෑසන දානට උන්වහන්සේ ආප්ප වැළදීමදැයි දේශපාලන විචාරකයෝ ප්‍රශ්ණ කරති.