වගකිවයුතු ජන නියෝජිතවරියක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක් ලෙස හිරුණිකාගෙ මෙම ප්‍රකාශය පිලිගත හැකිද? ඔබ ප්‍රදේශයේ ජනතාව ඔබට ඔවුන්ගෙ වටිනා චන්දය ප්‍රකාශ කරලා බලය පැවරුවෙ රටේම ජීවත්වෙන නිර්ධනයාගෙ සිට ධනකුවේරයා වනතෙක් ගෙවන බදු මුදලින් ඔබ පෝෂණය කලේ මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශයන් නිකුත්කිරීමටද? ඔබට ජනතාව පැවරූ කොටස ඉටු කල නොහැකිනම් ඔබ ඉල්ලා අස්විය යුතුයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කල ප්‍රකාශයට මදුෂා රාමසිංහ විසින් සිය ෆේස්බුක් හරහා ප්‍රතිචාරයක් දක්වා තිබේ

 

මගේ ආසනයක් නොවූවත් ගංවතුර අවස්තාව වන විට කනකර උගසට තබා කොලොන්නාව ජනතාවට ගංවතුර ආධාර බෙදීම සදහා මා පිටත්ව ගොස් සති දෙකක කාලයක් අසනීප වුනා විශබීජයක් ශරීරගත වීම නිසා.. නායකයො ඉස්සරහ දනින් වැටුනා අවතැන් ජනතාවට ආධාර අරන් දෙන්න… ඒ දිනවලවත් මා ඔබව කොලොන්නාවෙ දුටුවෙ නෑ.. ඔබ කුඩු කාරයා මිනීමරුවා කියූ දුමින්ද සිල්වා බෝට්ටු දමාගෙන ජනතාව බේරාගැනීමෙ සටනෙ නිරතව හිටියා…. ඒ වනවිට යහපාලනයේ සිටි මා අප ප්‍රතිවාදී පිලේ සිටි ඒකාබද්ධ විපක්ෂයෙ සහෝදර ජන නියෝජිතවරු ජනතාව බේරා ගැනීමේ සටන තුල වෙහෙසෙනු මා දුටුවා… ඒ මොහොතෙ මම යහපාලන නියෝජිතවරු ගැන ගොඩාක් කලකිරුනා..

ඉන්පසු සාලාව අවි ගබඩාව පිපිරීමත් සමග අසරණ වූ ජනතාව ගැන නොතකා මන්ත්‍රී සැපවාහන ගැන කතා කල දුර්ජන පාලකයො ගැන කලකිරුණු මා යහපාලනයට එරෙහි පළමු වෙඩිමුරය තැබුවා…ජයට අවුරුදු සමරමින් හිටි දිනයෙ මීතොටමුල්ල කුණුකන්ද නායගිය බව සැලවූ වහා මාධ්‍ය මිතුරන් කැදවාගෙන එවලේම මා එහිගියේ ඇදිිවත පිටින්.. ඒ ජනතාව සමග රාත්‍රී 11.30 දක්වා රැදී සිටිමින් දැන්වියයුතු අංශ සියල්ල දැනුවත් කරමින් ඉන් පසු පැමිණි දින සිට ආධාර ලබාදීමෙ කටයුත්තෙහි නියුතු මා මේ සියල්ල කලේ විමද්‍යගත අරමුදල් හෝ රජයේ සැපවාහන තබාගනිමින් නොවෙයි… හිරූ ඔබ ලැජ්ජාවිය යුතුයි. තමාගෙ කොටස තමාගෙ වගකීම ඉටු නොකල ඔබගෙ හැසිරීම නින්අපේ ප්‍රභල ඇමතිවරු පවා නොගිය මීතොට මුල්ලට කිසිදු ආරක්ෂකයෙක් හෝ පරිවාර සහායකයො නොමැතිව ලක්මවට හඩක් සහෝදරත්වයේ උත්තරීතර මනුෂ්‍යත්වය රැගෙන මා එහි ගියා… ඔබට ඒ ජනතාව වෙනුවෙන් එක වචනයක් කතා කරගන්න බැරිඋනා… සමාවෙන්න.. කිසිවෙක් අපහසුතාවය පත් කිරීමෙ අරමුණින් නොවෙයි… මා මේ සටහන තබන්නේ මගේ රටටත් ජනතාවටත් අත්වූ කේදනීය ඉරණම හෙළාදැකීම උදෙසායි.. නින්ධිතයි… 

අපේ ප්‍රභල ඇමතිවරු පවා නොගිය මීතොට මුල්ලට කිසිදු ආරක්ෂකයෙක් හෝ පරිවාර සහායකයො නොමැතිව ලක්මවට හඩක් සහෝදරත්වයේ උත්තරීතර මනුෂ්‍යත්වය රැගෙන මා එහි ගියා… ඔබට ඒ ජනතාව වෙනුවෙන් එක වචනයක් කතා කරගන්න බැරිඋනා… සමාවෙන්න.. කිසිවෙක් අපහසුතාවය පත් කිරීමෙ අරමුණින් නොවෙයි… මා මේ සටහන තබන්නේ මගේ රටටත් ජනතාවටත් අත්වූ කේදනීය ඉරණම හෙළාදැකීම උදෙසායි..

මදුෂා රමසිංහ ලක්මවට හඩක්