මෑතකාලිනව අප දකින දෙයක් නම් බොහෝ අවස්ථාවලදි යුරෝපා සිහිනය බොහෝ දෙනෙක් තුළ තිබිමයි විශේෂයෙන්ම ඉතාලිය ප්‍රංශය ඩෙන්මාර්කය ෆින්ලන්තය නෝර්වේ ස්විඩනය ස්විට්සර්ලන්තය එසෙත් නොමැතිනම් යුරෝපා රටක පැමිණ ආර්ථීක සමෘද්ධිය ලගාකර ගැනිමට ඕනෑම අයෙකුගේ ඉලක්කයක්වී තිබෙනවා මෙම අහිංසක සිහිනය භාවිතය කරමින් මුදල් ගසාකන තක්කඩියෝ අමනයෝ විශාල පිරිසක් සිටිනවා අප සමාජයේ ඔහුන් අතර සමහර පුද්ගලයෝ රටේ ප්‍රභල තනතුරු දරණ මෙන් ජාත්‍යන්ත්‍ර සංවිධාන වල තනතුරු දරණ පුද්ගලයෝ වෙති

නමුත් යුරෝපය තුල මේ පෙන්වන සැබැ සිහිනය නොමැත මක්නිසාද යුරෝපයට පැමිණෙන බහුතරය රැකියාව ලෙස කිරිමට සිදුවී තිබෙන්නේ එක්කෝ මෙහෙකාර සේවය කොටින්ම වතු වලට ගොස් ඇපල් කැඩිම ශ්‍රී ලංකා භාෂාවෙන් කියනවා නම් වතු වැඩ ආච්චිලා සීයාලා බලාගැනිම් වැසිකිලි සේදිම යුරෝපයේ තිබෙන කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව මෙන් අඹුඩු කොටයක් ගහගෙන කොට කලිසමක් පැලද මෙම රැකියාව කිරිමට නොහැකියි

පවතින කාලගුණයෙන් ආරක්ෂාවීම සදහ ආනිවාර්යෙන්ම ඔහුන්ට එම කාලගුණයට ගැලපෙන මෙන් ඇදුම් පලදින්නට සිදුවෙනවා මෙහිදි බොහෝ දෙනෙක් කරන දෙයක් නම් තමන් මේ අදින පලදින ඇදුම් චායාරූප ගතකොට ෆේස්බූක් වෙත මුදාහැර පෙන්වීමට උත්සහා කරනවා මොහුන් හුගාක් සතුටුදායක සැප සම්පත් විදින ජීවිතයක් ගතකරනවා යැයි කියන කාරණය මොහුන්ගෙන් සමහර පුද්ගලයෝ මේ වෙනකොට ජීවත්වෙන්නේ ගරාජ් වල ඇතම් පුද්ගලයෝ එක නිවසක පනහක් හැටක් අරගෙන එම නිවාස වල ඇදන් මතයි උඩයි යටයි ජීවත් වෙලා තමයි මේ අයුරින් ලංකාවට  බොරු සෝබන දමන්නේ

මෙම ඉතාලි සිහිනයත් යුරෝපයේ සිටින බහුතරයක් පහල මට්ටමින් රැකියාවක් කලත් ලංකාවේ තිබෙන මුදල් අනුපාත සාපෙක්ෂව ඔහුන් ලබ වැටුප ලංකාවට සාපෙක්ෂව විශාල මුදලක් එබැවින් ඔහුන් ලංකාවට පැමිණ මිනිස්සුන්ට පෙන්වීමට උත්සහ කරනවා තමන් සිටින්නේ සැප සම්පත් මැද්දේ නුඹලාත් මෙය පෙලඹියල්ලා කියා ඒත් මේ මොහෙතේ විශේෂයෙන්ම සදහන් කලයුතුවේ යුරෝපයට පැමිණ මේ සිහිනයට අසුවී බහුතරයක් දෙනා මේ වනවිට අසරණභායවයට පත්වය් ඇත ශ්‍රී ලංකාවේ පවතින දේශපාල වාතාවරණය මත යුද්දය නිසා කිසිම හේතුවකින් තොරව දේශපාලන රැකවරණය පැතිමට නොහැකියි

විවිද පුද්ගලයෝ ලබාදෙන බොරු පොරොන්දු අසත්‍ය ප්‍රචාරවලට අසුවී තමයි පැමිණෙන මිනිසුන් අවසානයෙදි අතිශයෙන්ම අසරණ වෙනවා විශේෂයෙන්ම තම ජීවිත කාලය පුරා ලේ දහඩිය මහන්සිය හෙලා උපයාගත් සියළුම දේ නැතිකර ගැනිමේ තත්වයක් ඔහුන්ට මූණදීමට සිදුවී තිබෙනවා එපමණක් නොව ඉතාලිය ඇතුළු බොහෝ රටවල සිටිනවා තමන්හට ස්තීර රැකියාවක් නොමැති නිසා කුමණ ආකාරයේ හොර තක්කඩි ක්‍රියාවක් සිදුකොට මුදල් උපයා ගැනිමට උත්සහා කරන මිනිස්සු විවිද ආකාරයේ පුද්ගලයොන් ඉතාලියේ මිලානෝ රෝමා නාපෝලි වෙරෝනා මෝදනා යන දුම්රිය ස්ථානවල ඇති පදික වේදිකාවල සිගමන් යෙදිමින් පික් පොකට් ගසමින් තම මව්බිම ශ්‍රී ලංකාවට ගෙන එන්නේ ඉමහත් අපකීර්තියක්.

ඔහුන්මයි අපේ ශ්‍රී ලාංකිය සමාජියට පෙන්වන්නේ ඉතාලිය මාර සක්‍රියයි නුඹලාට මම වීසා එකක් හදලා දෙන්නම් මට මෙච්චරක් සල්ලි දීපං කියා එම අහිංසක ජනතාව ඉතාලියට ගෙන්වා අමාරුවේ දමන්නේ ඉතාලියේ ඉන්න ට්‍රයි කෝට් අදින බව පෙන්නුවත් ඔහුන් මේවා අදින්නේ කාලගුණයෙන් ආරක්ෂාවීම සදහා පමණයි මෙම යුරෝපය තුළ කිසිම අයෙකුට ඔෆිස් වල ලිවිමට හිමි වෙන්නේ නැහැ කාර්යාල සේවය හිමිවෙන්නේ නැහැ රෝහල් වල දොස්තරකම් හිමිවෙන්නේ නැහැ එම නිසා අප සියළු දෙනාට සිද්ධ වන දෙය නම් එක්කෝ පැට්‍රල් ශෙඩ් වල පැට්‍රල් ඝහන්න ඉහත සදහන් කල පරදි ඇපල් කැඩිම වැසිලිකිලි සේදිම ආච්චිලා සීයාලගේ මලමුත්‍රා අතගසමින් ඔහුන්හට සාත්තු සප්පායම් කිරිමටය

මේ අවස්ථාවේදි අපට අපගේ තරුණ පරපුරට දිය හැකි පනිවිඩය නම් මෙම යුරෝපා සිහිනයට අසු නොවන්න මෙය අසුවුවොත් සිදුවන්නේ පාර වලල්ලට අසුවුනා මෙන් කිසිම ගැලවීමක් නොමැති වෙනවා එම නිසා අපේ පවතින රටේ ආර්ථීකය සංවර්ධනය ඇති කරගෙන රට තුලින් ගොඩ යන්න උත්සහ කරනවා විනා අප මේ යුරෝපා සිහිනයට අසුවුනොත් සිදුවන්නේ අපට අල්ලපු ගෙදරත් නැති පයගහපු වත්තත් නැති තත්වයක් ඇතිවීමයි එබැවින් අප සියළු දෙනාම මෙය යතාර්ථය අවබෝදකොට ගෙන කටයුතු කරමු.

මදුෂංක ගනේගොඩ